දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 දෙනෙකු ද කොළඹ කොටුව හා ගාලුමුවදොර ප්රදේශවල සිදුකළ අහඹු ලෙස පුද්ගලයින් 385 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර එයින් 18ක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී මෙලෙස පරීක්ෂණ සිදු කරයි. ඒ අනුව පුද්ගලයින් 10,926 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පීසීආර් පරීක්ෂණ සිදුකර ඉහළ ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත.
තෛපොන්ගල් දිනයට පෙර දින බස්නාහිර පිටවීමට ගිය පුද්ගලයින් 1,658 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර එයින් පුද්ගලයින් 21 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපළඳින ලද පුද්ගලයින් ජනවාරි 5 වන දින සිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර පුද්ගලයින් 2,807 දෙනෙක් අතරින් 50 දෙනෙක් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.
මීට අතරව මාළු ලෑලි ආශ්රිතව පුද්ගලයනින් 661 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සිදුකර තිදෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. පොළ සහ පදික වෙළෙඳුන් ආශ්රිතව පුද්ගලයින් 1,146 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර ඉන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.