රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා සහ ඔහුගේ කාර්යා මණ්ඩලයේ 10 දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර ඇත. ඒ ඊයේ 18 දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී හෙලි වීමෙනි. ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව තිබේ.
පියල් නිශාන්ත මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කලේය. මේ අතර කොරෝනා වෛරසය ආසාදනයෙන් වැළකීමට හැකි වනු ඇතැයි විශ්වාසයෙන් කෑගල්ලේ ‘ධම්මික පැණිය’ තමා සහ බිරිඳ ඇතුළු දරුවන් හතර දෙනා පානය කළ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ ශිලන්ත විජේපාල මහතා පවසයි.
නමුත් තමන් ඇතුළු මුළු පවුලටම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට තමා සහ බිරිඳ ඇතුළු දරුවන් ඇඹිලිපිටියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින බවද ඔහු සඳහන් කළේය.
එම පැණිය පානය කළ තම සහෝදරයා ඇතුළු ඥාතීන් හා හිතවතුන් සැලකිය යුතු පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදන වී ප්‍රතිකාර ලබන බවද මන්ත්‍රීවරයා පවසයි.
පැණිය පානය කළ තම සහෝදරයාටද එම වෛරසය ආසාදනය වූ බව ඊයේ තහවුරු වූයේ යැයි ද තවදුරටත් කියා සිටියේය.
තමන් සහ තම පවුලේ සියලු දෙනා නියමිත පරිදි දින දෙකක් නියමිත මාත්‍රාවට පැණිය පානය කළ බවද පැවසූ ඔහු එම කාලයේ දී මස් මාළු බිත්තර කෑමෙන් වැළකුණ බවත් වත්පිළිවෙත් අකුරටම රැුක්ක බවත් ඔහු සඳහන් කළේය.
පැණි බොන කාලයේ කළ යුතු උපදෙස් මාලාවක් ලැබී තිබුණු බවත් එය ඒ ආකාරයටම ඉටු කළ බවත් ඔහු සදහන් කරයි.
මෙම පැණිය මුල් කොරෝනා සදහා සාර්ථක වේවා යැයි තමන් මුලදී පැතුව ද නමුත් මෙය කොරෝනා සදහා සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව දැන් පැහැදිලි ය යි ද ඔහු කියා සිටියේය.