නිදහස් දිනය සැමරීමට සුදානම්

 

73 වන නිදහස් දිනය පෙබරවාරි 4 වන දින නිදහස් චතුරශ්‍රයේ දී සැමරිමට කටයුතු කරන බව  ආරක්ෂක ලේකම්, ජනරාල් .ඩී.එච්. කමල් ගුණරත්න මහතා පවසයි.

 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිදහස් දින සැමරුම් උත්සවය පවත්වන බව ඔහු සඳහන් කළේය.

කොවිඩ්  වසංගතය තිබියදීත්, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළුව අවශ්‍ය සියලු සෞඛ්‍ය පූර්වෝපායන් අනුගමනය කරමින් නිදහස  සැමරීමට පියවර ගන්නා බව ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

නිදහස්  උත්සවයට සහභාගී වන සියලුම භට පිරිස් පළමුවෙන් PCR පරීක්ෂණයකට හෝ ප්‍රතිදේහජනක පරීක්ෂණයකට භාජනය වී ඔවුන් ආසාදිතයින්  නොවන බවට සහතික වන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, රජයේ සාමාජිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගී වන බව ඔහු පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.