මෑත කාලයේදී, ඉන්දීය රජය පාකිස්තානයට එරෙහිව අරමුදල් සැපයීම සහ පාකිස්තානයට එරෙහි වැරදි තොරතුරු ප්රචාරක කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි සහිතව ඔප්පු වී ඇති බව මෙරට පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
එම නිවේදය මෙසේය ..
මෑත කාලයේදී, ඉන්දීය රජය පාකිස්තානයට එරෙහිව අරමුදල් සැපයීම සහ පාකිස්තානයට එරෙහි වැරදි තොරතුරු ප්රචාරක කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.
ටී.ආර්.පී නඩුවේ රිපබ්ලිකන් රූපවාහිනී ඉදිරිපත් කරන්නාට එරෙහිව මුම්බායි පොලිසියේ අධිචෝදනා පත්‍රයේ ඇතුළත් වාර්තා ඉන්දියාවේ කුරිරු උපාමාරු තවදුරටත් හෙළි කරන අතර පාකිස්තානයේ දිගුකාලීන ස්ථාවරය සනාථ කරයි.
භාරතීය ජනතා පක්ෂය ත්‍රස්තවාදී චෝදනාවලින් පාකිස්තානයට අපහාස කිරීම, රට තුළ ඉහළ ජාතිකවාදයක් උසිගැන්වීම සහ මැතිවරණ ජයග්‍රහණය කිරීමේ දී ජාතික හැඟීම් වැරදි ලෙස භාවි කිරීම යන පාකිස්තානයේ අඛණ්ඩ චෝදනා ඉන්දියානු කි‍්‍රයාකාරකම් මගින් තවදුරටත් සනාථ කරයි.මෙම ක්‍රියාකාරකම් ඉතා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනු ලැබේ. එපමණක් නොව, ආර්එස්එස්-භාරතීය ජනතා පක්ෂ තන්ත්රයේ අනාගත මැතිවරණ අරමුණු වලට සරිලන පරිදි එය අඛණ්ඩව වේදිකා ගත කෙරෙමින් පවතී.
මුලදී, අපි පාකිස්තානයට එරෙහි ඉන්දියාවේ කුරිරු ප්‍රචාරය ප්‍රතික්ෂේප කළ අතර, 2019 පෙබරවාරි මාසයේ පුල්වාමා ප්‍රහාරයෙන් විශාලතම ප්රතිලාභ ලැබුවේ භාරතීය ජනතා පක්ෂ රජය බව අවධාරණය කළෙමු.ලෝක් සභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂ රජය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබීම විශේෂත්වයකි. මෙම ව්‍යාජ මෙහෙයුමේ සිට දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයක් දක්වා මෙම සමස්ත ව්‍යාපෘතිය කෙතරම් සූක්ෂම ලෙස සැලසුම් කර ඇත්ද යන්න පිළිබඳ තවත් සාක්ෂි වාර්තා (පිටපත්) මගින් පෙන්නුම් කෙරේ.
මෙම පිටපත් මගින් ඉන්දියානු මාධ්‍යවල ‘හින්දුත්ව’ තන්ත්රය සහ එහි සගයන් අතර ඇති නපුරු සම්බන්ධතාවය විදහා දක්වයි.එක් අතකින් මෙම පිටපත් මගින්පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ආර්එස්එස්-බී.ජේ.පී සන්ධානයේ අන්තවාදී න්‍යාය පත්‍රය ඉන්දීය රජයට රිංගා ඇති බවයි.අනෙක් අතට, ඉන්දියානු පුරවැසියන්ගේ අයිතිවාසිකම්, නිදහස සහ ප්රජාතන්ත්රවාදී වටිනාකම් ඉන්දියානු සමාජයට අහිතකර ලෙස බලපාන්නේ කෙසේද යන්න පෙන්වයි.එපමණක් නොව, දේශීය දේශපාලනයේ සන්දර්භය තුළ ක්‍රියාත්මක වන මෙම වගකීම් විරහිත තන්ත්රයේ ක්‍රියා, කලාපීය සාමයට හා ආරක්ෂාවට දැඩි ලෙස බලපාන්නේ කෙසේද යන්න මෙම පිටපත් පෙන්වා දෙයි.
පාකිස්තානය සැමවිටම ඉන්දියානු ව්‍යාජ ප්රචාරයන්ට අධිෂ්ඨානයෙන්මුහුණ දෙන අතර ඉන්දියාවේ පීඩනයට වගකීමෙන් මුහුණ දෙනු ඇත.අන්තර්ජාතික ප්‍රජාව මෙම තත්ත්වය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාගෙන කලාපීය හා දකුණු ආසියාවේ සාමය හා ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාවන්ට ඉන්දියාව වගකිව යුතු යැයි අපි අපේක්ෂා කරමු