අශන්ති වරුනසුරිය
පෙබරවාරි මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 22 පමණ මිල අඩු කිරීමේ සැලැස්මක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇතැයි, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ සඳහා භාණ්ඩ ආනයන සමාගම් අභිප්‍රාය ප්‍රකාශ කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අතර තේ කොළ පැකට් විශාල තොගයක් රෙදි සෝදන සබන් සමග එකට ගබඩා කර තිබූ බූස්ස, සතොස තොග ගබඩා සංකීර්ණයේ කළමනාකරුගේ වැඩ තහනම් කර ඇත.
වෙළඳ අමාත්‍යංශය පැවසුවේ මෙම තේ තොග, ලබාදී තිබුණේ වෙළඳපලේ පවතින මිලට වඩා රුපියල් 30 ක් අඩුවෙන් ග්‍රෑම් 100 ක තේ පැකැට්ටුවක් අලෙවි කිරීම සඳහා බවය. එහෙත්, ඒවා බෙදා නොහැර මෙලෙස ගබඩා කර තිබී ඇති බවයි මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇත.