රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බවට තහවුරු වී ඇත. එමෙන්ම මාසයක පමණ කාලයක් හුදෙකලා කර ඇති කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 178 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 53,062 දක්වා ඉහළ ගොස් ඇති අතර, 45 ,171 දෙනෙකු සුවය ලබා සිටී.
එමෙන්ම අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ඒ අතරට අයත්ය. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර සිටී. තවද, කඹුරුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ද කොවිඩ් ආසාදනය වී තිබේ.
ඒ සමග එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලැබු පොලිස් නිලධාරින් 65 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යාල මණ්ඩලයේ සිව්දෙනෙකුට සහ පරිපාලන අංශයේ නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇත. එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.
වවුනියාව රෝහලේ සාත්තු සේවකයෙකුට හා කළමනාකාර සහකාරියකට වෛරසය ආසාදනය වී ඇත. මීට පෙර රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙදෙනකුට වෛරසය වැළඳී තිබෙන අතර නව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතය.
මාතලේ පොලිස් වසමේ වරකාමුර හා මීදෙනිය ග්‍රාම නිලධාරී වසම් සහ දෙහිපිටිය යන ග්‍රාම නිලධාරි වසමේ මාත්තාව ගම්මානයත් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කිරීමත් සමග මාර්ග ආශ්‍රිතව පොලිස් මාර්ග බාධක යෙදවීමට පොලීසිය පියවර ගත්තේය.