ප්‍රථම වරට ගුවන් යානයක් මගින් රොකට්ටුවක් ගුවනට

ප්‍රථම වරට ගුවන් යානයක් මාර්ගයෙන් රෝකට්ටුවක් ගුවන් ගත කිරීමට අමෙරිකානු වර්ජින් ඔබිට් සමාගම පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ ගුවන් ගත කෙරුණේ, සපත්තු පෙට්ටියක ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් වන මෙය එරට ‍විශ්වවිද්‍යාලයකින් නිපදවන ලද්දකි.

ඒ අනූව, රොකට්ටුව මගින් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරනු ඇති. ඊට භාවිත කර ඇත්තේ, බෝයිං 747 වර්ගයේ යානාවකි. අඩු වියදමකින් අභ්‍යවකාශයට ළගාවීම මෙහි අරමුණ වේ. සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්ගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක වී ඇත.

එමෙන්ම රොකට්ටුවක් ගුවන් ගත කිරීමට වැය වන අති විශාල පිරිවැය අවම කිරීම ඔහුගේ මූලික අරමුණ වී ඇති බව සදහන් වේ. ඊට අමතරව ලොව ඕනෑම ප්‍රදේශක සිට චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට ද එමගින් හැකිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.