දළදා මාලිගාවේ දෛනික කටයුතු සුපුරුදු පරිදි

මහනුවර ශ්‍රී දළදා මාලිගා පොලීසියේ නිලධාරීන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණත් දළදා මැඳුරේ දෛනික කටයුතු සුපුරුදු පරිදි සිදු කරන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දළදා වහන්සේ උදෙසා කරනු ලබන දෛනික තේවා කටයුතු තේවා භාර නායක ස්වාමිද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය විසින් සිදුකරන බවත් සාමාන්‍ය ජනතාවට දළදා මාලිගාව වෙනදා මෙන් විවෘත කර තිබෙන බවත් ඒ මහතා කීය.

දළදා මාලිගාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇන්ටිජන් පරික්ෂණයට ලක්කළ බවත් කිසිවෙකුටත් කොවිඩ් ආසදනය වී නොමැති බව හෙළිවූ බවත් දෑල බණ්ඩාර මහතා පැවසුවේය.

පොලිස් ඒකකයේ නිලධාරීන් පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබුණත් දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොමැති බවත් මාලිගා පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

දළදා මාලිගා පොලීසියේ 29 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරුව තිබේ. දළදා මාලිගා පොලීසියේ සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීමෙන් පසු මහනුවර පොලිස් කෝට්ඨාසයේ පොලිස් නිලධාරීන් 185 දෙනෙකු දළදා මාලිගා පොලීසියේ සේවයට යෙදවූ බව මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.