මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර ප්‍රදේශයේ දී 43 හැවිරිදි අදාළ පොලිස් පරීක්ෂකවරයා ව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබු ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරමකට යම් ආකාරයකින් අනුබල දී ඇතැයි අනාවරණය කරගෙන තිබේ. පරීක්ෂකවරයා ව අද දිනයේ දී අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.