රාජිතට අධි චෝදනා

2014 වසරේදී නිදහස් සන්ධාන රජය සමයේ ධීවර ඇමතිවරයා ලෙස සිටියදී මෝදර ධීවර වරායට අදාළව ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියකදී රජයට පාඩුවක් සිදුවන අයුරින් අක්‍රමිකතාවයක් කලැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

අනතුරුව ඔවුන් 03 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියම කළේය

එවක ධීවර නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවීන්ද්‍ර මුණසිංහ යන මහත්වරුන් මෙහි අනෙකුත් විත්තිකරුවන් වන අතර චූදිතයන්ගේ ඇගිළි සළකුණු වාර්තා කැඳවා පෙර වැරදි වාර්තා කැඳවන ලෙසටද අධිකරණය නියම කළේ නඩුව වැඩිදුර විභාගය අප්‍රේල් 21 වනදා සිදු කරන බව දවමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.