අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
ලොව ඇතැම් රටවල් මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.