මුස්ලිම් මරණ අදාහනයට නැවතත් රජයට චෝදනා

කොවිඩ් -19 රෝගයෙන් මිය යන ඕනෑම අයෙකු ආදාහනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශනයට පටහැනි වන අතර මුස්ලිම් ප්‍රජාව වෙනස් ලෙස සැලකීමක් බව හියුමන් රයිට්ස් වොච් පවසයි.

ඉස්ලාමීය සම්ප්‍රදායට අනුකූලව භූමදානය කිරීම මහජන සෞඛ්‍ය අවදානමක් ඇති කරන බවට ආණ්ඩුවේ ව්‍යාජ තර්කය, අවදානමට ලක්විය හැකි සුළුතරයකට අපකීර්තියක්, පීඩාවක් හා විශාල පීඩාවක් ඇති කරන බවද ඔවුන් මුස්ලිම් කොවිඩ් මරණ අදාහනය කිරීම ගැන රජයට චෝදනා කරමින් පවසයි.

ඊයේ (17) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 763ක් වාර්තා වී තිබේ. එයින් 14 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ.

දේශීයව හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 749 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 241ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 210ක් වාර්තා වී තිබේ. මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 41ක් වාර්තා වී ඇති අතර, ආසාදිතයින් 257 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.