අමෙරිකාවේ සියලූ ප‍්‍රාන්තවල ආරක්ෂාව තර කෙරේ

අමෙරිකාවේ ප‍්‍රාන්ත පනහේම ආරක්ෂාව තරකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනූව ප‍්‍රාන්ත සියල්ලේම ආරක්ෂාවට හමුදාව යොදවා ඇත.

එළඹෙන 20 වැනිදාට යෙදී ඇති අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඞ්න්ගේ දිව්රුම් දීමේ උත්සවයට සමගාමීව රටපුරා විරෝධතා හා කලහකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවට FBI නිලධාරීන් අනතුරු අගවා තිබේ. ඒ අනුවයි අමෙරිකාව පුරා මෙලෙස ආරක්ෂාව තර කර ඇත.

ඉකුත් 06 වැනිදා ට‍්‍රම්ප් පාක්ෂිකයින් විසින් වොෂිංටන් අගනුවර පුරා විරෝධතා දියත් කළ අතර එහිදී හටගත් කලහකාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙක් මිය ගියේය. එබැවින් එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීම වළක්වා ගැනීමටයි, මෙලෙස අගනුවර ප‍්‍රධාන සියලූ ප‍්‍රාන්තවල ආරක්ෂාව තර කර ඇත්තේ.

අමේරි ලෑන්ඩ්, නිව් මෙක්සිකෝ හා යූටා යන ප‍්‍රාන්තවලට මේවනවිටත් හදිසි තත්ත්වයක් පනවා තිබේ. එළඹෙන 20 වැනිදා මහජනතාව වොෂිංටන් අගනුවරට රැස්වීම හා අනෙකුත් ප‍්‍රාන්තවල ප‍්‍රධාන නගරවලට ඒකරාශීවීම සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.