අහඹු ඇන්ටිජන් පරීක්ෂණ දිගටම

ජනතාව බහුලව ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස ඇන්ටිජන් හා PCR පරීක්ෂණ සිදුකිරීම තවදුරටත් සිදුකරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ජනතාව තුළ තවදුරටත් වෛරසය පැතිර යාම වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙම කටයුතු සිදුකරන බවයි.

නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 29 දෙනෙක් බස්නාහිර පළාතෙන් පිටතදී ඉකුත් පැය 24 දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.හෝමාගම,නියදගල විදර්ශනා මාවතේ ඇඟලුම් කම්හලකින් ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ‍ධනුක පද්ම රාජ මහතා පවසයි. මේ හේතුවෙන් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 133 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

එමෙන්ම මේ වන විට ඇඟලුම් කම්හලේ සේවය කළ තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ වැළඳී තිබූ අතර ඒ බව පාලනාධිකාරිය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේ දී සේවකයින් තිදෙනෙක් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

ඒ අනූව ඇගලුම් කම්හලේ සේවය කරන ආශ්‍රිතයින් එකසිය හතළිස් තුන් දෙනෙක් පීසීආර් පරීක්ෂණයට ලක් කළ අතර එහි ප්‍රතිඵලවලට අනූව තවත් ආසාදිතයින් 10 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඒ අනූව සෙසු එකසිය තිස් තුන් දෙනා ස්වයං නිරෝධායනයට ලක් කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.