
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අයෝජකනයක් වශයෙන් හෝ කිසිවෙකුට ලබා දුනහොත් ආණ්ඩු විරෝධී රැල්ලක් ඇතිවිය හැකි බව පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසුහ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කැබිනට් අනුකමිටුව සහ වරාය වෘත්තිය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්විය.
අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසන්නේ නැගෙනහිර පර්යන්තය ආයෝජකයෙකුට ලබා දීම තුලින් කිසිදු ගැටලුවක් ඇති නොවන බවය. වරාය වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේ වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැත්වුණූ අදාල සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ බවය.