පසුගියදා සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
පවතින වාතාවරණය යටතේ වුවද ඉදිරියටත් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පැවසීය. එහිදී කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලීමක් සිදු කළේය.
එහිදී කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලීමක් සිදු කළේය.
“කොරෝනා වසංගතය තව අවුරුද්දක් හෝ දෙකක් යන්න පුළුවන් කියලා තමයි සෞඛ්‍ය විශේෂඥයින් කියන්නේ. එතෙක් ඒක ඉවර වෙනකම් අපි ඔක්කෝම වැඩ නතර කරගෙන බලාගෙන ඉන්නද? එහෙම නෙමෙයි මේකත් එක්ක අපි අනික් මිනිස්සුන්ටත් උදව් කරගෙන යන්න ඕනේ. අපේ වැඩ කටයුතු පාඩු කරගන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ. මන්ත්‍රීවරුන්ටත් මම කියන්නේ මළගෙවල් මගුල් ගෙවල්වල ගිහිල්ලා කකා බිබී ඉන්නෙ නැතුව මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහයෝගය දෙන්න. පාර්ලිමේන්තුව වසා දැමීමට කිසිම තීරණයක් අපි අරගෙන නෑ.”