ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගැනීම සඳහා කුසලතා සපිරි නව පරපුරක් අවශ්‍ය බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ,
“පැරණි උපක්රමවලට පැරණි නිලධාරීන්ට කළහැකි කිසිවක් මෙතන නෑ. ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ දියසෙන් පරපුරක්. එකට හිතන එකට ගමන් කරන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ ලෝකය ජය ගන්න පුළුවන් නවීනත්වය දැක තිබෙන සමාජය හඳුනන පරපුරක් තමයි අපට අවශ්‍ය,” යනුවෙනි.
43 වන සේනාංකය නම් පුරවැසි ව්‍යාපාරයේ සමායෝජක කණ්ඩායම පත්කිරීම හා එහි මංගල ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹදී සිදු විය.