තිරිමාන්නගේ ශතකයක්

ලහිරු තිරිමාන්න ශ‍්‍රී ලංකා පිළ වෙනුවෙන් විශිෂ්ඨ ශතකයක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු 251 කදී වාර්තා වූ ඔහු ලකුණු 111 ක් රැස් කරමින් ඊට හතරේ පහර 12 ක් ද රැස් කළේය. මෙය තිරිමාන්නගේ දෙවන ටෙස්ට් ශතකය වේ.

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක පරාජයකට ලක්වීමේ අවදානමක සිටි ශ‍්‍රී ලංකා පිළ එම අවදානමෙන් බේරා ගැනීමට සමත් විය. ඊයේ සැඳෑ පිතිකරු ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය දිනයේ පළමු කඩුල්ල ලෙස දැවීගියේ කිසිඳු ලකුණක් ලබා ගැනීමෙන් තොරවය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30 ක් සහ නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 20 ක් රැස්කර ගෙන සිටියේය.

සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව රැස්කළ ලකුණු 135 ට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 421 ක් රැස් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.