කළුතර, ඉඳුරුව ප්‍රදේශ කිහිපයක් නිදහස්

කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක මේ අවස්ථාවේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මේ දක්වා හුදකලා කරඇති බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 අද දිනයේ හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 372ක් ඊයේ (16) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් 357 ක් ද බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් අශ්‍රිතයින් 15 දෙනෙක්ද සිටි.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 715කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 52,311ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.