අශන්ති වරුනසුරිය
තෛයිපොංගල් දිනය වෙනුවෙන් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නිවසක් පරිත්‍යාග කර ඇත. මෙම නිවස ඉදිකිරිමි කටයුතු 51 වන සේනාංකයේ සමිබන්ධිකරණයෙන් යුතුව 511 වන බළසේනාවේ අධීක්ෂණය යටතේ 9 වන ශ්‍රි ලංකා පාබල හමුදාවෙි භට පිරිස්හි ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් කටයුතු නිම කර තිබේ.
දානපති කුමාර වීරසූරිය මහතාගේ සහ එම මහතාගේ හිතමිතුරන්ගේ මූල්‍යමය පරිත්‍යාගයෙන් ජේ/183 උඩුවිල් ප්‍රදේශයේ පදිංචි ඩෙිසි ඉන්ද්‍ර රතිස් මහත්මිය වෙත ඉදිකරන ලද මෙම නිවාස ඔවුන්ට ලබා දී ඇත්තේ එම නිවසට අත්‍යාවශ්‍ය ගෘහ භාණා්ඩ හා උපකරණ ද ඇය වෙත පරිත්‍යාග කරමිනි.
මෙම උත්සවය පසුගිය 14 වන දින ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බංඩාර ජේ්‍යෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන කර ඇති බව මාධ්‍ය අංශය පවසයි.
වර්තමාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලද මෙම විවෘත කිරීමෙි උත්සව අවස්ථාව සඳහා සේනාංකාධිපති – 51 සේනාංකය, බළසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජේ්‍යෂ්ඨ නිලධාරින්, මෙම නිවස ඉදිකිරිම් කටයුතු සඳහා මූල්‍යම දායකත්වය ලබාදුන් ධානපති කුමාර වීරසූරිය මහතාගේ හිතමිතුරන්, යුධ හමුදා සාමාජිකයින් ඇතුළු අවම පිරිසක් සහභාගි කරවා ගත බවද යාපනය හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.