බස්නාහිර පළාතේ ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම ආයතන 213ක පරිපාලකයින්ට නීති මගින් කටයුතු කිරීමට පියවර ගැනෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.
බස්නාහිර පළාත තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 1311ක් ඊයේ (15)දිනයේදී පරීක්ෂාවට ලක්කළ බව පොලීසිය පවසයි.
එහිදී ආයතන 1098ක් සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් කටයුතු කරන අයුරු නිරීක්ෂණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ අතර බස්නාහිර පළාතෙන් පිටත ඊයේ සිදුකරන ලද මෙහෙයුම්වලින් මුඛ ආවරණ නොමැතිව සිටි 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.