කොවිඩ් ආසාධිතයින් අතර විදේශිකයින් සිව්දෙනෙකුත්

සෞඛ්‍ය දත්ත වාර්තා අනුව මෙරටින් ඊයේ( 15) හදුනාගත් කොවිඩ් ආසාධිතයින් අතර විදේශිකයින් සිව්දෙනෙකුද ඇත

කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 695 දෙනෙකු ඊයේ (15) දිනය තුළ මෙරටින් අලුතින් හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයින් අතරින් 08 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර තවත් පුද්ගලයින් 04 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් ලෙස වාර්ථා වෙනයි.

වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, එම ගණන 168කි.

සමස්ත රෝගින් සංඛ්‍යාව ඊයේ වන විට 683 කි කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90ක් වාර්තා වී තිබේ.

සෙසු ආසාදිතයින් 278 දෙනා දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.මෙරට වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 255 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.