තවත් සති දෙකක් ඇතුළත කොවිඩ් මර්දන එන්නතක් මෙරටට ගෙන ඒමට හැකිවනු ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ වනවිට ප්‍රධාන එන්නත් දෙකක් කෙරෙහි අවදානය යොමු කර ඇත. එන්නත් නිපදවන සමාගම් අදාල රජයන්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග රජය සාකච්ඡා පවත්වාගෙන යයි. “ඉන්දියාවෙන් ලබාදෙනවා කියන එක ගැනත් පැහැදිළි කිරීමක් කරන්න ඕනේ. ඇස්ට්‍රාසෙනිකා සමාගමේ නියෝජිත ආයතනයක් තියෙනවා ඉන්දියාවේ. ඒ හරහා අපේ රටට පහසුවෙන් ලබා ගැනීමේ හැකියා තියෙනවා.” යනුවෙන්ද අමත්‍යවරයා පැවසුවේය.
ඒ අනුව තවත් සති 2ක් ඇතුළත කොරෝනා වෛරසයට ලබාදෙන එන්නතක් පළවෙනි වතාවට ලංකාවට ගෙන ඒමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම ප්‍රධාන එන්නත් දෙක ලෙස ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා ගැන මේ වන විට අවදානය යොමුව තිබේ.