හෙට නිදහස් වන ප්‍රදේශ

තවත් ප්‍රදේශ කිහියක් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙයි.

එමෙන්ම කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඇහැළියගොඩ පොලිස් වසමේ,

මින්නාන ග්‍රාම නිලධාරී වසම
බෝපත්අැල්ල ග්‍රාම නිලධාරී වසම
විලේගොඩ ග්‍රාම නිලධාරී වසම
අස්ගඟුග ග්‍රාම නිලධාරී වසම
යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම
පානදුර පොලිස් වසමේ,

675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම
බේරුවල පොලිස් වසමේ

මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා බවින් නිදහස් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.