තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන්ගත් ගාල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.
මේ අතර කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීම හේතුවෙන් ගාල්ල, නෙළුව නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන ඇත.
ගතවූ දින 08ක කාලය තුළ වව්නියාව පට්ටනිචූර් ගම්මානයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 151 දෙනෙකු හදුනාගෙන තිබේ.
මේ අතර පාසල් ගුරුවරියකගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත. හෝමාගම, මීගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව සමග කටයුතු කළ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවරගත් බව මීගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ.එච් ජගත් කුමාර මහතා පැවසීය.