ශ්රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය වූ අද තරගයට යළිත් වර්ෂාවෙන් බාධා එල්ල විය. අයහපත් කාලගුණය හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරන එංගලන්තය කඩුලු 4 ක් දැවි ලකුණු 320 ක් රැස් කරගෙන සිටියේ ය.
පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් අද උදෑසන තරගය ආරම්භ වූයේද පැයක පමණ ප්රමාදයකින් පසුවය. අද දිනයට තරගය ආරම්භ කරන විට එංගලන්තය කඩුලු 2 ක් දැවි ලකුණු 127 ක් රැස් කරගෙන සිටියේ ය.
දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 47ක් රැස් කරගෙන සිටි ජොනී බෙයාස්ටෝ දවාගත්තේ ලසිත් ඇඹුල්දෙනිය විසිනි. නමුත් සිව්වන කඩුල්ල වෙනුවෙන් නායක ජෝ රූට් සමඟ එක්වු සිය මංගල ටෙස්ට් තරගයට ක්රීඩා කරන ඩෑන් ලෝරන්ස් විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගුවේ ශ්රී ලංකා පන්දු යවන්නන් අසරණ කරමිනි.
ජෝ රූට් සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 18වන ශතකය රැස් කළේය. සිය පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා පිළ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 135කි.
.