රටවල් කිහිපයකින් තම රටට සංචාරකයින් පැමිණීම එක්සත් රාජධානිය විසින් තහනම් කර තිබේ. බ්‍රසීලයෙනුත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හමුවී ඇත.
එම නව ප්‍රභේදය ද වේගයෙන් පැතිරෙන බවට අදහස් පළ වේ. අමාත්‍ය ග්‍රාන්ට් ශේප්ස් පැවසුවේ බ්‍රසීලයෙන් හඳුනාගත් කොරෝනා වෛරස් ප්‍රභේදය තවමත් එක්සත් රාජධානියට පැමිණ නොමැති බව තමා අනුමාන කරන බව පවසා ඇත.
දකුණු අමෙරිකාව, කේප් වර්ඩේ, සහ පෘතුගාලය යන කලාප සහ රටවල් වලින් සංචාරකයින් පැමිණීම නවතාදමීමට එක්සත් රාජධානි බලධාරීන් ක්‍රියාකර තිබේ.