ගුවන් තොටුපල රාජකාරි වලට ගුවන් සුනඛ බලඇණියක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා පුහුණු කරන ලද 20 දෙනෙකුගෙන් යුත් සුනඛ කණ්ඩායමක් අද (15) නිල වශයෙන් එක් කර තිබේ.

අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේ දී පුහුණුව ලබා ඇති මම සුනඛයින්ට ගුවන් භාණ්ඩ ලෙස සහ මගීන් විසින් ගෙනයන ගමන්මළු වල රහසිගත ලෙස රැගෙන යාහැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වනපරිදි විශේෂ හැකියාවක් ඇත.

මෙම සුනඛයින්, අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදාගනිමින් ද පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එවැන්නක් සිදුවූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට වීමද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.