අටුලුගම ප්රදේශයේ මේ වන විට පුද්ගලයින් 6000කගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇත. එයින් 1059 දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇත.
අටුලුගම ප්රදේශයේ යම් ආකාරයක කොවිඩ්-19 ආසාදිතයින් වාර්තාවීමේ අඩුවීමක් පවතින බැවින් ඒ අදාළ ග්රාම නිළධාරි සේවා වසම් විවෘත කිරීමට හැකියාවක් තිබේද යන්න සලකා බලන බව කළුතර දිස්ත්රික් ලේකම් ප්රසන්න ජානක කුමාර මහතා පවසයි.
භූ ගෝලීය පිහිටිම අනුව ආරක්ෂාව තහවුරු කළ හැකි ප්රදේශ සම්බන්ධයෙන් මෙහිදී සලකාබලන බවද ඔහු පැවසීය