ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඊ.ටී.අයි.සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, සහ දීපා එදිරිසිංහ යන සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරුවන් සිවුදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් මෙලෙස නිදහස් කිරීමට නියෝග කර තිබේ.

ඒ අනුව, එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වු මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර ද ඇත.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බව ද මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් වෙත ඇප කොන්දේසියක්ද පනවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.