කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 670 දෙනෙකු ඊයේ (14) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී ඇති අතර එම සංඛ්‍යාව 214කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90ක් ලෙස වාර්ථා වී තිබේ.
අනෙක් ආසාදිතයින් 250 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 වෛරස ආසාදිත සංඛ්‍යාව 47,105කි.
ඉන් පුද්ගලයින් 40,989 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත. ඒ අනුව මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,901ක් වන අතර ඉන් පුද්ගලයින් 43,746 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,904 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙරට තුළ සිදුවී ඇති කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 251 ක් දක්වා ඉහළගොස් තිබේ.
නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්, කොළඹ – 214, ගම්පහ – 116, මහනුවර – 90, කෑගල්ල – 52, කළුතර – 37, ගාල්ල – 30, මාතර – 19, කුරුණෑගල – 17, රත්නපුර – 15, මඩකලපුව – 13, අම්පාර – 11, මාතලේ – 11, වව්නියාව – 10, මොනරාගල – 08, හම්බන්තො – 05, මන්නාරම – 05, යාපනය – 05, පොළොන්නරුව – 04, ත්‍රීකුණාමලය – 03, ත්‍රීකුණාමලය – 03, මුලතිව් – 02, නුවරඑළිය – 02, බදුල්ල – 01