අශන්ති වරුනසුරිය
කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
අද වන විට රටේ සෑම ප්රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වේ. මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩි දුරටත් පවසයි.
එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 251 දක්වා ඉහල ගොස් ඇත.