ඉන්දුනීසියාවේ සිදුවු භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.2ක් ලෙස දැක්විණි. ඒ හේතුවෙන් ඉන්දුනිසියාවේ බටහිර සුලවේසි පළාතේ මාමුජු දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ලවී තිබේ.
නිවාස 70කට අධික ගණනක් විනාශ වි ඇති අතර 2,000කට ආසන්න පිරිසක් අවතැන් වි ඇත. අතුරුදන් වී ඇති පුද්ගලයින් සොයා විශේෂ සහන කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් සිදුකරන බව වාර්තා වේ.