ඊස්වරන් රත්නම්
යුරෝපා සංගමය මේ මස අගදී පැවැත්වෙන ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමකදී ශ්‍රී ලංකාව සමඟ මානව හිමිකම් සහ වෙනත් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.
යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය විනාශ වීම සම්බන්දයෙන්ද යුරෝපා සංගමය කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය මීට පෙර ට්වීට් කර තිබුණි.
යුරෝපා සංගම් ආරංචි මාර්ග සඳහන් කළේ දෙපාර්ශවයේම ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිත බවය.
මෙම රැස්වීම පෙබරවාරි මාසයේ ආරම්භ වන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට පෙර පැවැත්වේ.
මීට පෙර පැවති යෝජනාවකදී වසර දෙකක කැපවීම සපුරාලීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ වෙනත් අය ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ. වත්මන් රජය දැනටමත් පවසා ඇත්තේ තමන් යෝජනාවෙන් ඉවත් වී ඇති බවය.