පෙරේදා දිනයේදී PCR පරීක්ෂණවලට ලක් කරනු ලැබූ කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනාටම Covid-19 වෛරසය වැළඳී නොමැති බව තහවුරු කර ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් අද දිනයේදීත් PCR පරීක්ෂණ පැවැත්වේ.
දහවල් 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්රය තුළදී එම PCR පරීක්ෂණ පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
පෙරේදා දිනයේදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් 448 දෙනෙකු ද PCR පරීක්ෂණවලට සහභාගී වී තිබු අතර පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද එලෙස පී සී ආර් පරීක්ෂණවලට භාජනය වී කර ඇත.