මන්තී‍්‍ර පුතා ඇප මත නිදහස්

රිය අනතුරක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට පහරදුන් බවට සැක පිට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා පොලිස් ඇප මත මුදාහැර ඇත.

සැකකාර පුත‍්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේදී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවී ඇත. එහිදී දෙපාර්ශවය අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා පහරදී තර්ජනය කර ඇති බවයි වාර්තා වේ.

අනතුරුව ඒ සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පුත‍්‍රයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනතුරෙන් ඔහුගේ වාහනයට සුළු හානි සිදුව ඇති බවයි පොලීසිය වැඩි දුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.