“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භ වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. සෑම මිනිත්තු 10කට වරක්ම මේ බස් රථයක්මා මෙම මාර්ග ඔස්සේ ගමන් කරයි. ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයකි.
පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන්කරන මගීන් වෙනුවෙන් මාකුඹුර සිට පිටකොටුව දක්වා බස්රථ සේවාව ක්‍රියාත්මක වන වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ ප්‍රධානත්වයෙන් මෙම අධි සුඛෝපභෝගි බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා පැවසීය.
ඒ අනුව මාකුඹුර සිට පිටකොටුව දක්වාත් පිටකොටුවේ සිට මාකුඹුර දක්වාත් 138 මාර්ගයේ සහ බත්තරමුල්ල ඔස්සේ මෙම සිටි බස් සේවාව ආරම්භ වේ. පාර්ක් ඇන්ඩ් රයිඩ් කියන සංකල්පය මත මෙම සේවාව ආරම්භ වන අතර අධික රථවාහන තදබදයක් සමග ගමන් කරන කාර්යාල පිරිස් ඉවත් කරගෙන මෙම බස්රථවලට ලබා ගැනීම ඔවුන් බලාපොරොත්තු වේ.