හැටන් ප්‍රදේශයේ සිනමා ශාලාවක් ඉදිරිපිට නිරෝධායන රීති කඩකරමින් රැස්ව සිටි තරුණයන් පිරිසක් පොලිස් නිලධාරීන් විසින් යළි නිවෙස් වෙත යැවීමට කටයුතු කර ඇත. තෛපොංගල් දිනයේදී හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක දමිල චිත්‍රපටයක් තිරගත කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් මෙලෙස එම සිනමා ශාලාව ඉදිරිපිටට රැස්ව සිටි ඇත.
කෙසේවෙතත් එම සිනමා ශාලාවේ හිමිකරු එලෙස චිත්‍රපටයක් තිරගත කිරීමට පියවර ගෙන නොතිබූ අතර අනතුරුව සිනමා ශාලාව අසලට රැස්වූ වතුකරයේ තරුණ පිරිස මෙලෙස නිවෙස් කරා පිටත් කර හැරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
හිනිදුම, තවලම සතිපොළේ වෙළදුන් සහ පාරිභෝගිකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඊයේ දිනයේ තවලම සතිපොළේ වෙළඳුන් සහ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි වෙළදුන් සහ පාරිභෝගිකයින් 88 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කෙරුණු අතර ඉන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 480 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,747කි. ආසාදිතයින් 6,715 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.