නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ කටයුතු සිදු නොකරන කටයුතු කරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට එරෙහිව නීතිමය කටයුතු දියත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කටයුතු සිදු කරන්නේ දැයි ඉකුත් දින දෙකේදී සෞඛ්‍ය අංශ සහ පොලීසියේ හදිසි පරීක්ෂාවකට ලක් කළේය.
මෙහිදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 2,823 ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී ස්ථාන 473 ක නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ කටයුතු සිදු නොකරන බවටයි අනාවරණ වීමෙන් ඉදිරියේදී එම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.
එමෙන්ම මේ දක්වා බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 2,513 දෙනෙකු සම්බන්ධයෙන් නිරෝධායන නීති යටතේ කටයුතු කර ඇති අතර ඔවුන්ගෙන් 48 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඊයේ දිනයේ මෙරටදී පී සී ආර් පරීක්ෂණ 14,329ක් සිදු කර ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.
මේ අතර බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 137 දෙනෙකු ඊයේ දිනයේ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා යොමු කෙරුණු අතර ඉන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ.