පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ රියදුරන් අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා යොමු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
ඊයේ සිට ආරම්භ වූ මෙම පරීක්ෂණ බස්නාහිර පළාතේ පිහිටි සති පොල ආශි්රතවද රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ ආරම්භ කර ඇත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
කොළඹ, වැල්ලවත්තේ සිට උතුරු සහ නැගෙනහිර පළාත්වලට පිටත්ව යන බස් රථ මගීන් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවකට ඊයේ යොමු කළ අතර ඉන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනා ගත්තේය.
මෙරට දෙවන කොරෝනා රැල්ලේ කොළඹ දිස්ත්ර්රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව විසිදහස ඉක්මවා ඇති අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 692 දෙදෙනෙකු හදුනා ගැනුනු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.