චීනයේ නැවතත් කොවිඩ් වැඩි වෙයි

 

මාස 08 කට පසුව හෙබෙයි ප්‍රාන්තයෙන් පළමු වරට චීනයෙන් කොරෝනා ආසාදිත මරණයක් අද දිනයේදී වාර්තා වී ඇත. ගතවූ සති කිහිපය තුලදී චීනය තුල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යලිත් වැඩි වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගතවු කාල සීමාවට සාපේක්ෂව වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වූ 138 දෙනෙකු පසුගිය අඟහරුවාදා වාර්තා වී ඇති අතර නිරිතදිග හෙයිලෝජීයාංග් ප්‍රාන්තයේ කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහල යාමේ අවධානමක් පවතින බවත් මිලියන 37ක ජනතාවක් ජිවත් වෙන මෙම හෙයිලෝජීයාංග් ප්‍රාන්තයට ඊයේ සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කර ඇත.

චිනයේ නව අවුරුදු සැමරීම පෙබරවාරි මස 12 වෙනිදාට යෙදී තිබෙන අතර වත්මන් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව තමන්ගේ නිවෙස් කරා ගමන් කිරිමට ආරම්භ කිරීමත් සමග වෛරස ව්‍යාප්තිය වේගවත් වෙනු ඇති බවත් මේ වන විට උතුරු දිග චීනයේ මිලියන 20ක පමණ ජනතාවක් නිවෙස් තුල හුදෙකලා කිරිමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති බවත් එරට සෞක්‍ය බලධාරීන් වාර්තා කර ඇති බවට විදෙස් මාධ්‍ය පවසයි.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොවිඩ් ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වීමත් සමග මිලියන 5.2 ක ජනතාවක් වෙසෙන චීනයේ Suiha නගරය හුදෙකලා කර ඇත. මේ වන විට චීනයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන ආකාරයෙන් එරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 87,844ක් වන අතර මරණ සංඛ්‍යාව 4,635ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.