සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ විය.
තරගයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරනවිට ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුළු 3 ක් දැවී ලකුණු සංඛ්‍යාව 65 ක් ලබා ගත්තේය. ලහිරු තිරිමාන්න ලකුණු 4 කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 20 ක් රැස් කළේය.
මෙම තරගයේදී බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කුසල් මෙන්ඩිස් ශී‍්‍ර ලංකා පළමු ඉනිමේදී යළිත් ලකුණු නොලබා දැවීයාම කැපී පෙනුණේ ඔහු ලකුණු නොලබා දැවී ගියේ පිට පිට සිව් වන වරට වන බැවිනි. නොදැවී පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17 ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 22 ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී ස්ටුවට් බ්‍රෝඞ් කඩුළු 2 ක් සහ දොම් බෙස් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. කෙසේවෙතත් කුසල් මෙන්ඩිස් දැඩි දෝෂාරෝපණයට ලක්ව සිටින බව වාර්තා වේ.
ඇගිල්ලක ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක දිමුත් කරුණාරත්න කී‍්‍රඩා නොකරන අතර දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.