දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් පරාද වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පැවැත් වූ දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ඡන්ද 232 ට 197 ක් ලෙසින් ජනපතිවරයා පරාජය වී තබේ.

අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෙවරක්ම දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට තිබේ.

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයකි. කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන්ට අනුබල දීමේ චෝදනා මත මෙම දෝෂාභියෝගය ගොනු කෙරුණි.

ඒ අනුව එම දෝෂාභියෝගය සෙනෙට් සභාව වෙත යොමු කෙරෙන අතර ලබන 20 වැනි දා ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වූ පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් සුළු වේලාවකට පසු ධවල මන්දිර ට්විටර් ගිණුමට වීඩියෝපටයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ආධාරකරුවන් ක්‍රියාත්මක කළ කැපිටල් හිල් ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දැක තිබේ.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ යුටියුබ් චැනලයට නව වීඩියෝ එක්කිරීම වැලැක්වීමට එම සමාජ මාධ්‍ය ජාලය පියවර ගෙන තිබේ.
ඒ වෛරී ප්‍රකාශ ඇතුළත්වීම හේතුවෙනි. ට්‍රම්ප් ගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් ද අත්හිටුවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.