කොරෝනා වෛරස් නව ප්‍රභේදය සමඟ එක් පුද්ගලයෙකු අනාවරණය වී තිබියදීත් ශ්‍රී ලංකාවට එමඟින් ක්ෂණික තර්ජනයක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ගැන පසුගියදා එංගලන්තයෙන් වාර්තා වුණි. පසුගිය සැප්තැම්බර් මාසයේදී කෙන්ට් ප්‍රාන්තයෙන් එම වෛරස ප්‍රභේදය පළමු ව හඳුනා ගැනිණි.
ලංකාව සියලු පූර්වාරක්ෂක පියවර ගෙන ඇති බැවින් සන්සුන්ව සිටින ලෙස මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය. ඒ අනුව එම වෛරස ප්‍රභේදය හඳුනාගත් 51වන රට වන්නේ ශ්‍රී ලංකාවය.
මෙම නව වෛරස් නව ප්‍රභේදය ගැන දැන ගත් දා සිට ඊට අදාළ පියවර ගත් බව පවසනවෛද්ය සුදත් සමරවිර මහතා තව දුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත් නව ප්‍රභේදය සමාජයට ඇතුළුවීම වැළැක්වීමටත් පියවර ගන්නා බවත්ය.