විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශ්වකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ.
කොවිඩ් -19 වෛරසයේ දෙවන රැල්ල පැතීරයෑමෙන් පසුව මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර යම්කිසි හෝ ආකාරයකින් එවැනි ක්‍රියාවක් සිදුවූවහොත් ඒ පිළිබඳ වහාම යුද හමුදාවේ අවධානයට යොමුකරන ලෙස හමුදාපති සියලු දෙනාගෙන් ඉල්ලයි.
නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යෑමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.