ඉන්දික ශ්‍රී අරවින්ද
කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සඳහා මෙරටට ලබා ගැනීමට සුදානම් වන එන්නත් සෙල්සියස් අංශක සෘණ 70ක අගයක් යටතේ පවත්වා ගනිමින් ගබඩා කිරීමේ හැකියාවක් ජාතික රුධීර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතී.
එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ සෙල්සියස් අංශක සෘණ 70ක අගයක් යටතේ පවත්වාගෙන යා හැකි එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක ප්‍රමාණයක් ජාතික රුධීර පාරවිලයන මධ්‍යස්ථානයේ ගබඩා කර ගැනීමේ හැකියාවක් තම මධ්‍යස්ථානය තුළ පවතින බවයි.
මෙම මධ්‍යස්ථානය සතුව ඇති ගබඩා පහසුකම් පිළිබඳව පසුගිය දිනෙක සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරුණු විමසීමක්ද කළ බව වෛද්‍ය එදිරිසිංහ මහතා පැවසිය.
ඒ අනුව ජාතික අවශ්‍යතාවයක් සේ සලකා ඕනෑම අවස්ථාවක කොවිඩ් එන්නත් සෙල්සියස් අංශක සෘණ 70ක අගයක් යටතේ පවත්වාගෙන යාමට සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී ඇත.
එහෙත් මෙහි ගබඩා පහසුකම් ලබා ගන්නේ කුමන රටකින් හෝ කුමන එන්නතද යන්න පිළිබඳව නිශ්චිතවම මේ වනතුරුත් දැනුම් දීමක් කර නොමැති බවයි ජාතික රුධීර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ.
එහෙත් මේ වන විට සෙල්සියස් අංශක සෘණ 70ක අගයක් යටතේ පවත්වා ගනිමින් ගබඩා කිරීමේ හැකියාවක් පවතින්නේ ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා ( Moderna) එන්නතයි.