වෛශනී වෙල්රාජ්
වැල්ලවත්ත සිට යාපනය දක්වා ගමන් කරන දිගු දුර බස්රථවල මගීන් සහ කාර්ය මණ්ඩලය ගෙන අහඹු ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කර ඇත.
ඊයේ රාත්‍රියේ යාපනය බලා පිටත්ව යාමට නියමිතව තිබූ බස් රථයක කොන්දොස්තරවරකට මෙම පරික්ෂාව ධනාත්මක වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්.බාලසුරිය මහතා පැවසී.
මෙම පුද්ගලයා පසුගිය දින කිහිපය තුළ බස් රථයේ රැඳී සිටි බව වාර්තා වේ. මේ අතර, ත්‍රිකුණාමලය වෙත ධාවනය වන බස් රථයක ගමන් කිරීමට සූදානම්ව සිටි 23 හැවිරිදි තරුණයෙකු ද ඊයේ ධනාත්මක බව පරීක්ෂා වලින් ඔප්පු වී ඇත.
ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා කොළඹ පෞද්ගලික සමාගමක සේවය කරන බව වාර්තා වේ.
වැල්ලවත්ත සිට උතුරු හා නැගෙනහිර බලා පිටත් වීමට නියමිතව තිබූ දුර බැහැර බස් රථවල වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ 100 කට ආසන්න සංඛ්‍යාවක් සිදු කිරීමෙන් පසුව මෙම පුද්ගලයින් දෙදෙනා වෛරසය සමඟ හඳුනාගෙන තිබේ.
අද දිනයේද වැල්ලවත්තෙහි තවත් PCR පරීක්ෂණ 100 ක් සිදු කළ බව බාලසූරිය මහතා පැවසීය. ආසාදිත පුද්ගලයින් දෙදෙනාගේ පළමු සම්බන්ධතා සොයා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, ඔවුන් දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කිරීමට පියවර ගෙන තිබේ.