සහරාන්ගේ බිරිඳ ඇතුළු 12ක් යළි රිමාන්ඩ්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු ලබන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙහිදී යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අය අතර, කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ බිරිඳ ද සිටින බව සදහන් වේ.

මෙම නඩුව අද (13) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.