එන්නතක් අනිවාර්යෙන්ම ගෙන්නන දවස හමුදාපති කියයි

එන්නත්කරණය සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය හමුදාවේ මූලිකත්වයෙන් සිදුවන බව ද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පෙබරවාරි මාසය වනවිට කිසියම් හෝ කොරෝනා එන්නතක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

දිවයින පුරා ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත් වෙළඳපොළවල්, මසුන් අලෙවි කරන මධ්‍යස්ථාන ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවත් යුද හමුදාපතිවරයා සදහන් කළේය.

මේවන විට කොළඹින් පිටවන පුද්ගලයින් සඳහා ස්ථාන 11කදී සිදු කළ කොරෝනා පරීක්ෂණ ද යළි ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.