පාර්ලිමේන්තුවේ PCR 463ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 463 දෙනෙකු අද (13) දිනයේ PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් ඒ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ද වන බවත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හදුනාගැනුනි.

මේ අතර අද (13) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි එළඹෙන සඳුදා (18) පැවැත්වීමට තීරණය කොට තිබේ.

ලබන 19 වැනිදා සිට ආරම්භවීමට නියමිත පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.